ලක්ෂ 30ක ගංජා කල්පිටියේදී අල්ලයි

දෙසැ 11, 2020

    කල්පිටිය ප්‍රදේශයේ දී කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් 06 දෙනක් අත් අඩංගුවට ගෙන තිබේ.

    කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ කරඹ පොලිස් නාවික හමුදා එකාබද්ධ මාර්ග බාධකයේ දී සැකසහිත මෝටර් රථයක් පරික්ෂා කිරීමේදී එහි ඇන්ජිමේ සගවා තිබූ මෙම කේරල ගංජා කිලෝ 6 ½ ක් සොයා ගැනිණ.

    එක් සැකකරුවක් පලායාමට උත්සහා කිරීමේදී නාවික හමුදා නිළධාරීන් ඔහු ලුහු බැද ගොස් අත් අඩංගුවට ගෙන තිබේ. මෙහිදී ලක්ෂයකට ආසන්න මුදල් ප්‍රමාණයක්ද හමු වී ඇත.

    රුපියල් ලක්ෂ 30 ආසන්න මුදලක් ඉපයීමේ අරමුණින් කුලියට ගත් මෝටර් රථයක් උපයෝගි කරගෙන මෙම ජාවාරම සිදු කර ඇති අතර මෝටර් රථයේ ඉදිරිපස අංක තහඩුව කාඩ්බෝඩ් එකක දුරට නොපෙමෙණ ලෙස සවික තිබිණ.

    මාර්ග බාධකයේ දී අත්අඩංගුවට ගණු ලැබූ පුද්ගලයින් කරන ලද ප්‍රශ්න කිරීමේ දී කල්පිටිය ප්‍රදේශයේ හෝටලය කාමරයක සිවිලමේ හා ඇදයට සගවා තිබූ කේරල ගංජ කිලෝ 20 ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර මෙහි දී කාමරයේ සිටි පුද්ගලයින් දෙදෙනක් හා හෝටල් කළමණාකරු හා අයිතිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    සිද්ධියට සම්බන්ධ අත් අඩගුවට ගත් පස් දෙනාම කොළඹ ප්‍රදේශයේ විවිධ ස්ථානවල පදිංචිකරුවන් බවත් ඉතා දිර්ඝ කාලයක් තිස්සේ මෙම ජවාරම කරගෙන ගොස් ඇති බවටත් හෙළිව තිබේ.

    08

    01

    Latest News