නාවලපිටිය සිසුවියකට කොරෝනා

දෙසැ 11, 2020

    ගම්පොල, නාවලපිටිය කදිරේෂන් මධ්‍ය මහා විද්‍යාලයේ 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි පාසල් සිසුවියකට කොවිඩ් - 19 වෛරසය අසාදනය වි ඇති බවටි පි.සි.ආර් වාර්තා අනුව තහවුරු වී තිබේ.

    අසාදිත සිසුවිය පේරාදෙණිය පැණිදෙණිය නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කල බව නාවලපිටිය මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පවසයි.

    නාවලපිටිය වෙලදසැලක සහයකයෙක් ලෙස කටයුතු කල පෙර අසාදිතයාගේ පවුලේ සමාජිකයන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කළ පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව පෙර අසාදිතයාගේ වැඩිමහල් දියණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇත.

    කොවිඩ් - 19 වෛරසය අසාදනය වී ඇති පාසල් සිසුවිය වෛරසය අසාදනය විමට ප්‍රථම ඉකුත් (03) දින නාවලපිටිය කදිරේෂන් විද්‍යාලයට පිවිස ඇති නිසා එම පාසලේ සිසුවියගේ ළගම ආශ්‍රිතයින් හා ගුරුවරුන් 04 ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

    එම සිසුවියගේ පන්ති කාමරයේ සිටි සිසු සිසුවියන් 10 දෙනෙක්, පාසලේ ආපනශාලාවේ හිමිකරු, එම පාසල් සිසුවිය පදිංචිනාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ අසල්වාසින් 09 දෙනෙකුත් ස්වයං නිරෝධනයට යොමු කර ඇත.

    නාවලපිටිය කදිරේෂන් කාන්තා විද්‍යාලය විෂබිජහරණය කිරිමට ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබේ.

    Latest News