කොරෝනා ආසාදිත මවක් නිවුන් දරුවන් ප්‍රසූත කරයි

දෙසැ 11, 2020

    නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත ගර්භනි මවක් නිවුන් දරුවන් ප්‍රසූත කර තිබේ.

    පසුගිය ඉරිදා දින සිසේරියන් සැත්කමක් මගිනුයි, මෙම දරුවන් ප්‍රසූත කර තිබේ.

    වයස අවුරුදු 23ක් වන මෙම කොරෝනා ආසාදිත මව දියවැඩියා සංකූලතා තත්වයෙන් කොළඹ කාසල් රෝහලේ සිට නැගෙනහිර කොළඹ මූලික රෝහලට මාරු කර එවීමෙන් පසු දරු ප්‍රසූතිය සිදුවී ඇත.

    සිසෙරියන් සැත්කම සදහා කොළඹ කාසල් රෝහලේ දායකත්වයත් ලබා‍ගෙන තිබේ.

    මේ වන විට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ නොමේරූ ළදරු ඒකකයක් නොමැති බවත් එය කඩිනමින් විස්ථාපනය කිරීම අවශ්‍ය බව විශේෂඥ වෛද්‍ය මයුර දෙවොලකි මහතා ප්‍රකාශ කළේය.

    පසුගිය කාලය පුරාවට කොරොනා ආසාදිත ගර්භනී මව්වරුන් 172 පමණ දරු ප්‍රසූතියෙන් සිදුකර ඇති බව මේ වන විට දරුවන් සහ මව නිරෝගීව සිටින බව විශේෂඥ වෛද්‍ය මයුර දෙවොල ගේ මහතා ප්‍රකාශ කළේය.

    Latest News