"බොරු බෙදුම්වාදී බිල්ලෙක් මවනවා" (වීඩියෝ)

ජන 12, 2019
  • අපේ රට කඩනව, බෙදනව කියන බොරු ජාතිවාදි බිල්ලන්ට ජනතාව බයවෙන්න එපා. අලුත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්න වෙන්නේ ජනතාවගෙ කැමැත්තෙන්.

    මාධ්‍ය අයිතින් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ හැමදාම පෙන් සිටිනවා යැයි, පා.ම. විජිත හේරත් මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ අද කරණ්දෙනිය මධ්‍යමහා විද්‍යලයේ 75 වන සංවත්සර ප්‍රදර්ශනයට එක්වෙමින්.

     වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත්

    අළුතින් ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් හඳනා නැහැ..පොහොට්ටුවේ කණ්ඩායම කිව්වා පෙරබරවාරි 4 වෙනකොට රට කඩනවා...බෙදනවා කියලා...බොරු බෙදුම්වාදී බිල්ලෙක් මැව්වා..පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරලා නැහැ..දැනට ඉදිරිපත් කරලා තියෙන්නේ ව්‍යවස්ථාව සම්බන්ධ විද්වත් කමිටුවේ වාර්තාව..එතැවන අළුත් ව්‍යවස්ථාවක් නැහැ..මම ජනතාවට කියනවා රට බෙදන හෝ ඊලාම්වාදී බිල්ලන්ගේ කතාවලට රැවටෙන්න එපා කියලා...

    ඒ කිසිවක් සිදුවන්නේ නැහැ..ව්‍යවස්ථාවක් සම්මත වෙන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වෙනවා..ඒ වගේම ජන මත විචාරනයක දි ජනතාව ඉදිරියට ගිහිල්ලා ඊට අනුමැති ගන්න අවශ්‍යයි..බෙදුම්මාදය ඉලක්කකර කවුරු හරි යෝජනාවක් ඉදිරිපත් කරළා තියනවා නම් ජනතාවට පුළුවන් ඒක පරාජය කරන්න...එහෙම දෙයක් වෙන්නේ නැහැ...බුද්ධාගමට ප්‍රමුඛත්වය සෑම විටම රට තුළ පවතිනවා..ව්‍යවස්ථාවෙනුත් ඒක ආරක්ෂා කරනවා...බිල්ලො තමයි මවලා තියෙන්නේ....

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 16:14

    Latest News