ජනපතිට ආශිර්වාද පතා පිරිත් දේශනයක් (වීඩියෝ)

ජන 12, 2019
  • ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ධුරයට පත්ව සිව් වසරක් සපිරීම නිමිත්තෙන් එතුමාට ආශිර්වාද පතා පිරිත් දේශනයක් රුවන්වැල්ල, ලෙවන්ගම, සදානන්දාරාම පුරාණ විහාරස්ථානයේ දී අද (12) පෙරවරුවේ දී පැවැත්විණි.

    මහා සංඝරත්නය 300 නමකගේ සහභාගිත්වයෙන් පැවති පිරිත් දේශනයෙන් අනතුරුව මහා සංඝරත්නය විෂයෙහි දානමය පුණ්‍ය කර්මයක් ද සිදු කෙරුණි.

    අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට සහභාගී විය.

    ප‍්‍රදේශයේ අඩු පහසුකම් සහිත විහාරස්ථානවලට, භික්ෂුන් වහන්සේලාට සහ දහම් පාසල් දරුවන්ට උපකරණ බෙදා දීමක් ද මෙහිදී සිදු කෙරුණු අතර එම
    අවස්ථාව සංකේතවත් කරමින් උපකරණ ප‍්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    සදානන්දාරාම පුරාණ විහාරාධිපති ත‍්‍රිපිටකවේදී, ශාස්ත‍්‍රපති පූජ්‍ය පෑලියගොඩ සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේගේ මගපෙන්වීමෙන් විහාරස්ථ දායක සභාව
    විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.

    දඬුවලගනේ චන්දෝදය පිරිවෙන් අධ්‍යක්ෂ ශාස්ත‍්‍රපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය අඹන්පිටියේ සරණපාල ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද
    හිටපු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අතාවුද සෙනෙවිරත්න, හිටපු නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල, සබරගමුව පළාත් ආණ්ඩුකාර ආචාර්ය ධම්ම දිසානායක,
    රුවන්වැල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පරාක‍්‍රම අතාවුද යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශවාසී සැහැදැවතුන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 21:11

    Latest News