වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් සොයා වැටලීම්

සැප් 24, 2020

    වැඩි මිලට සහල් අලෙවි කරන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (24) සිට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    රජය මගින් ගැසට් කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා ඇතැම් වෙළඳුන් සහල් අලෙවි කරන බවට ලද තොරතුරු අනූවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය එම තීරණය ගෙන ඇත්තේ.

    සම්බා සහ කීරි සම්බා සහල්, උපරිම සිල්ලර මිල ඉක්මවා අලෙවි කරන බවට වැඩිම පැමිණිලි ප‍්‍රමාණයක් එම අධිකාරිය වෙත ලැබී තිබේ.

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කර ඇති ගැසට් නිවේදනයකට අනුව කැකුළු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 93 ක්. නාඩු සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 96 ක්.

    සම්බා සහල් කිලෝවක් සඳහා රුපියල් 98ක්, කිරි සම්බා කිලෝවකට රුපියල් 120ක් ලෙසත් උපරිම සිල්ලර මිල නියම කර තිබේ.

    Latest News