කසළ තේ තොගයක් ගම්පොළ දී අත්අඩංගුවට

සැප් 24, 2020

    ගම්පොල - වෙලම්බඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී කසළ තේ තොගයක් සමග පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

    කසළ තේ කිලෝ 1924යි ග්‍රෑම් 780ක් එහි තිබූ බවයි, වාර්තා වන්නේ.

    බලපත්‍ර නොමැති ලොරි රථයකින් මේවා ප්‍රවාහනය කරමින් සිටිය දී මේවා සොයාගැනුණ බවයි,පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

    කසළ තේ හා ලොරි රථය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වැඩිදුර විමර්ශන සඳහා වෙලම්බඩ පොලීසියට භාර දී තිබේ.

    Latest News