හැටන් වෙළඳසැල් රැසකට නඩු

ජන 13, 2020

    හැටන් කොටගල නගරයේ ආපන ශාලා ඉතා අපිරිසිදුව පවත්වාගෙන ගිය සිව් දෙනෙකුට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නෛතික පියවර ගැනිණ.

    මීට අමතරව කොටගල නගරයේ පැරණි යකඩ අබලි ද්‍රව්‍යය එකතු කරන වෙලදසැලක ඩෙංගු මදුරු කිටයන් බෝවන ලෙස මහජන පිඩාවක් වන ආකාරයට වෙලදසැල පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකුට එරෙහිවද නීතය ක්‍රියාත්මක කෙරිණ.

    තවත් ආපන ශාලා කිහිපයක පවතින අඩුපාඩුකම් සපුරාලීමට එම ආපනශාලා හිමියන්ට මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් විසින් දින 14 ක කාලයක් ලබා දුන්නේය.

    එම කාලය තුල අදාල අඩුපාඩුකම් සපුරා නොගන්නා ආපන ශාලා හිමියන්ට එරෙහිවද නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි වැටලිම සිදු කල මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කියා සිටියේ.

    Last modified on සදුදා, 13 ජනවාරි 2020 14:01

    Latest News