බස්නාහිර දිනක වැටලීම්වලින් 357ක් අත්අඩංගුවට

ජූලි 09, 2020

    බස්නාහිර පළාත තුළ ඊයේ උදේ 6.00 සිට අද අලුයම 5.00 දක්වා පොලීසිය කළ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ බවට සැකපිට තුන්සිය පනස් හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. එම කාලසීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 356ක්.

    හෙරොයින් ජාවාරම් හා සම්බන්ධ වැටලීම් 144ක් සිදු කෙරුණු අතර, එහිදී සැකකරුවන් එකසිය හතළිස් හතර දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ගංජා ජාවාරම් සම්බන්ධයෙන් හැත්තෑ හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

    නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 101 දෙනෙක්. ගෝඩා හා අයිස් මත්ද්‍රව්‍ය සැකකරුවන් 18 දෙනෙක් ද වෙනත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් 20 දෙනෙක් ද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

    හෙරොයින් සම්බන්ධ වැටලීම් සිදුකර ඇත්තේ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 11:21

    Latest News