කිලෝ 6ක ගංජා සමග සැකකරු තණමල්විල දී අත්අඩංගුවට

සැප් 22, 2020

    තණමල්විල ප්‍රදේශයේ කේරළ ගංජා කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු ප්‍රදේශයේ කේරළ ගංජා ජාවාරමේ නිරත වූ ප්‍රධාන සැකකරුවෙක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.

    ඔහු එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 20ක පුද්ගලයෙක් වන අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන තණමල්විල මූලස්ථාන පොලිසිය සහ වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරයි.

    Latest News