ගංජා තොගයක් සමග සැකකරු අත්අඩංගුවට

නොවැ 16, 2021

    වැල්ලවාය, ආනපල්ලම ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී ගෙවත්තක පවත්වාගෙන ගිය ගංජා වගාවක් සහ වියළි ගංජා තොගයක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු විසින් සිය ගෙවත්තේ මෙම ගංජා වගාව සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර එම වගාවේ තිබී ගංජා ගස් 10ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

    මීට අමතරව, වියළි ගංජා ග්‍රෑම් 150ක් සහ තවන් කිරීම සඳහා සූදානම් කළ ගංජා ඇට බීජ ග්‍රෑම් 325ක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු ආනපල්ලම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 16 නොවැම්බර් 2021 09:35

    Latest News