තණමල්විල රිය අනතුරකින් කාන්තාවක් මරුට

අප්‍රේ 05, 2021

    වැල්ලවාය,තණමල්විල මාර්ගයේ කිවුල්ආර ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් කුඩා දරුවෙක් ඇතුළු සිව් දෙනෙක් තුවාල ලබා තිබේ.

    අනතුරට ලක්ව ඇත්තේ, ගම්පහ,කිරිඳිවැල ප්‍රදේශයේ එකම පවුලේ පිරිසක්.

    මෙම පිරිස ගමන් කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුර සිදුව තිබේ. ඒ ඔවුන් කතරගම ප්‍රදේශයේ වන්දනා ගමනක් ගොස් යළි නිවස බලා පැමිණෙමින් සිටියදී.

    මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවට පොලීසිය සැකකරයි. මියගොස් ඇත්තේ කිරිදිවැල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක්.

    තුවාල ලැබූවන් තණමල්විල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහරෝහලට මාරු කර යවා තිබේ.

    Latest News