සූදු ක්‍රීඩාවේ යෙදුන චීන ජාතිකයින් 12ක් කොල්ලුපිටියේදී අල්ලයි

සැප් 22, 2020

    නීති විරෝධී ලෙස සූදු ක්‍රීඩාවේ නිරත වූ චීන ජාතිකයින් 12 දෙනෙක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් අතර කාන්තාවන් තිදෙනෙක් ද වෙයි. මහල් නිවාස සංකීර්ණයක 28 වන මහලේ පිහිටි නිවසක් තුළ අදාළ පුද්ගලයින් සූදු ක්‍රීඩාවේ නිරත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල සඳහන් කරයි.

    ඔවුන් සතුව තිබී රුපියල් 6,554,556ක මුදලක් සහ සූදු ක්‍රීඩාවට යොදාගත් උපකරණ පොලීසිය භාරයට ගෙන තිබේ. සැකකරුවන් සතුව විදෙස් ගමන් බලපත්‍ර ද නොතිබූ බව පොලීසිය සඳහන් කරයි.

    ඔවුන් අද (22) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News