හෙරොයින් සහ කේරළ ගංජා සමග දෙදෙනකු වැල්ලවායේ දී අත්අඩංගුවට

සැප් 23, 2021

    වැල්ලවාය අංජලිගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් සහ ගංජා සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

    වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එක් සැකකරුවකු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් තුන්සිය දහයක් ද අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් එකසිය තිහක් සහ කේරළ ගංජා ග්‍රෑම් පහක් ද සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් වදිනහෙලයාය සහ බණ්ඩාරගම යන ප්‍රදේශවල පදිංචි පිලිවෙලින් වයස අවුරුදු විසිතුන සහ විසිහය යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පැවසීය.

    සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News