කටානේ රතිඤ්ඤා කම්හලක ගින්නකින් පුද්ගලයෙක් මරුට

සැප් 22, 2020

    කටාන, කලුවාරිප්පුව ප්‍රදේශයේ රතිඤ්ඤා නිෂ්පාදන කම්හලක හදිසියේ ඇති වූ ගින්නකින් පුද්ගලයෙක් මියගොස් තිබේ.

    ගින්න හටගෙන ඇත්තේ ඊයේ (21) රාත්‍රී 11.00ට පමණ. එම කම්හලේ සේවය කරන 65 හැවිරිදි පුද්ගලයෙක් ගින්නෙන් පිළිස්සී මෙලෙස මරණයට පත්ව තිබේ.

    ඔහු එම කම්හලේ බොහෝ කලක් සේවය කළ අයෙක් වන අතර එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් වෙයි. ගින්නෙන් රතිඤ්ඤා කම්හල සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත. කෙසේ වෙතත් ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    කටාන පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 11:02

    Latest News