20 සංශෝධනය අධ්‍යයනයට අගමැති පත්කළ කමිටුව රැස්වෙයි

සැප් 15, 2020

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබු කමිටුව ඊයේ පළමුවරට රැස්විය.

    ඒ කමිටු සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේදී.

    නව දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ සාමාජිකයින් ලෙස උදය ගම්මන්පිල,අලි සබ්‍රි,නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්.වියාලේන්ද්‍රන් යන මහත්වරුන් සහ ඩිලාන් පෙරේරා,ප්‍රේමනාත් සී දොලවත්ත යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්‍රියා කරයි.

    Latest News