21 සංශෝධනයට සහය වන සෑම පක්ෂයකම යෝජනාවලින් අවසන් කෙටුම්පත සම්පාදනය කරනවා - අගමැති

මැයි 27, 2022

    21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා සහය දෙන සෑම පක්ෂයකම වැදගත් යෝජනා සියල්ලම සැළකිල්ලට ගෙන අදාළ අවසාන කෙටුම්පත සම්පාදනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 10 නායකයන්ට දැනුම් දී තිබේ.

    එම පක්ෂවල නායකයින් සමග ඊයේ සවස පැවති සාකච්ජාවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

    ස්වාධීන පක්ෂවල අදහස් විමසීම සඳහා සාකච්ජාව පැවැත්වුණේ, කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී.

    ඊට සහභාගී වූ ස්වාධීන පක්ෂ 10 අද දින සියලුම පක්ෂ නායකයින් සමග සාකච්ජාවක් ද පැවැත්වීමට නියමිත බවයි, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සඳහන් කළේ.

    Latest News