මියගිය 13වැනියාගේ අවසන් කටයුතු මාදම්පේ ආදාහනාගාරයේදී

සැප් 15, 2020

    කොරෝනා ආසාදිතව මියගිය 13 වැනියාගේ අවසන් කටයුතු හලාවත - මාදම්පේ ආදාහනාගාරයේ දී සිදුකෙරිණ.

    60 හැවිරිදි ඔහු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු නාවිකයෙක් ලෙස සේවය කළ අයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. බහරේන් සිට මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 02 වන දිනයි.

    ඒ අවස්ථාවේදී ඔහු කොවිඩ්19 රෝගියෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරවාරයේදී සැප්තැම්බර් මස 09 වන දින හලාවත රෝහලට ඇතුලත් කොට ඇත. මෙම මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

    Latest News