19 වැනි සංශෝධනය රට සංවර්ධනයට බාධාවක්ද?

සැප් 12, 2020

    රට සංවර්ධනය කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවක් වී ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    රටේ ජනතාව වත්මන් ආණ්ඩුවට තුනෙන් - දෙකක බලයක් ලබාදී ඇත්තේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට, රට ඉදිරියට ගෙනයාමට බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ.

    20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් බේරුවල ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිතයන්, විද්වතුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

    Latest News