තවත් ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

අගෝ 13, 2020

    කටාර් රාජ්‍යයේ හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ‍ශ්‍රී ලාංකිකයින් 299 දෙනෙක් අද (13) අලුයම ගුවන් යානා 02 කින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 15 දෙනා අතුරින් 10 දෙනෙක් ශ්‍රී ලාංකිකයන් වෙයි.

    මීට අමතරව අද අලුයම 5.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙක් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

    මෙම පිරිස අතරින් 06 දෙනෙකු කුඩා දරුවන් වෙයි. මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළවල දී පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 අගෝස්තු 2020 10:02

    Latest News