නව අමාත්‍යවරු කිහිපදෙනෙක් අද වැඩ භාරගනී

අගෝ 13, 2020

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙක් අද වැඩ භාරගැනීමට නියමිතයි.

    ඒ අනූව, අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණතුංග,බන්දුල ගුණවර්ධන,කෙහෙළිය රඹුක්වැල්ල,පවිත්‍රා වන්නිආරච්චි,ජී.එල්.පීරිස්,ජොන්ස්ටන් ප්‍රනාන්දු,වාසුදේව නානායක්කාර හා නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍යාංශවල දී වැඩ භාරගනු ඇති.

    එමෙන්ම ඩී.වී.චානක,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,නාලක ගොඩහේවා හා පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන් ද අද වැඩ භාරගැනීමට නියමිතයි.

    එමෙන්ම නව කැබිනට් මණ්ඩලය ලබන 19 වැනි බදාදා පස්වරුවේ දී රැස්වීමට නියමිතයි.

    Latest News