වැඩි දියුණු කළ ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජනය සහ සංචාරක කර්මාන්තය සහ බලශක්තිය වැනි නව අංශවලසහයෝගීතා විභවයන් ඇතුළත් පුළුල් ආර්ථික සහයෝගීතාවයක් ඉරානය සමඟ ලබා දෙන ලෙස විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ඉල්ලා සිටියේය.

කොළඹ වියට්නාම තානාපති හෝ ති තන් ට්‍රක් මැතිනිය ඊයේ (08) විදේශ අමාත්‍යාංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා හමුවූවාය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම පිළිබඳ විවිධ ඉල්ලීම් මේ වනවිට ලැබෙමින් පවතින අතර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ අද පවත්වන සාකච්ඡාවකින් අනතුරුව දෙමාපියන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුවරුන්ට සහ සෑම පාර්ශ්වකරුවකුටම සාධාරණයක් වන පරිදි තීන්දුවක් ලබන සතියේ අඟහරුවාදා තමන් විසින් ප්‍රකාශයට පත් කෙරෙන බව ධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නපත්‍ර ඇගයීම මාර්තු 27 ආරම්භ කරන අතර මැයි මාසයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කිරීමට ත් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනත් කිසිදු වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

සෑම දරුවෙකුගේ ම ශාරීරික සෞඛ්‍ය හා පෝෂණය ඉතා වැදගත් වන බවත්, එහෙත් ඒ සියල්ලට ම වඩා දරුවා ආතතියෙන් තොරව, මානසික සුවයෙන් සිටීම අතිශයින් වැදගත් බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේ ය.

රට සංවර්ධනය කිරීම සඳහා සෘජු තීරණ ගැනීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාධාවක් වී ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

මෙරට දහම්පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සහ සම්පත් සමානව බෙදී යාම පිළිබඳව අධ්‍යයනක් සිදුකර, ඒ සම්බන්ධ වාර්තාවක් කඩිනමින් කැඳවා අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂ සමග එක්ව ලාංකීය දේශපාලන ඉතිහාසයේ ශක්තිමත්ව ආණ්ඩුව බිහි කිරීමට තම පක්ෂය සූදානමින් සිටින බව එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

Latest News