බීජිං පාසල් විවර වන ලකුණු

මැයි 14, 2020

    චීනයේ, බිජීංහි පාසල් හා විශ්ව විද්‍යාල ජුනි මාසයේ දී නැවත විවෘත වන බව බීජිං නාගරික සෞඛ්‍ය කොමිසමේ ප්‍රකාශක ලී යී පවසයි.

    ඇතැම් ශ්‍රේණිවල සිටින ද්විතීයික පාසල් සිසුන්ට ජුනි 1 වැනි දින නැවත පන්ති ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ. පළමු හා තෙවැනි ශ්‍රේණිවල ප්‍රාථමික පාසල් සිසුන් සඳහා ආරම්භක දිනයක් තවමත් තහවුරු කර නොමැති නමුත් සිව්වැනි හා පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අයට ජුනි මස 8 වැනිදා සිට නැවත පන්ති ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 මැයි 2020 11:43

    Latest News