බගවන්තලාව තේ වත්තේ මත්පැන් පෙරූ පිරිස අල්ලයි

ජූනි 19, 2021

    බගවන්තලාව,මොරා තේ වත්තේ අනවසරෙන් මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් තේ වත්තක මත්පැන් පෙරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරුවන් මත්පැන් පෙරා වතු කම්කරුවන්ට අලෙවි කරන බවට ලද තොරතුරක් මත වැටලීම සිදුකර තිබේ.

    ගොඩා මිලිලිටර් 100750 ක් ද සොයාගෙන ඇත.

    සැකකරුවන් දෙදෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති බවත් ඔවුන්ට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි, බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    Latest News