කටුනායක ගුවන් තොටුපොළට නව පිවිසුම් මාර්ගයක්

මැයි 14, 2020

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිවිසීමට නව මහා මාර්ගයක් අද (14) දින උදෑසන 9.00ට විවෘත කරනු ලැබීය.

    මීට මාස තුනකට පමණ පෙර ජනාධිපතිතුමා,අගමැතිතුමා හා විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග යන මහත්වරුන් මෙවැනි මහාමාර්ගයක අවශ්‍යතාව පෙන්වා දුන් බව, ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පවසා සිටියේය.

    මංතීරු දෙක බැගින්, දෙපසට ගමන් කළ හැකි මං තීරු හතරකින් යුත් මෙම මාර්ගය මීටර් 600ක දිගයින් යුක්තයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මෙම මහා මාර්ගය ඉදිකිරීම සිදු කෙරිණ. මෙම මාර්ගය මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ මාර්ග සංවර්ධන අධිකාරිය මගින්, ඉදිකළ බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    Latest News