වූහාන් රෝහලේ අවසන් රෝගියාත් පිටව යයි

අප්‍රේ 28, 2020

    චීනයේ වූහාන්හි අවසාන වශයෙන් රෝහලට ඇතුළත් කෙරුණු කොරෝනා ආසාදිත පුද්ගලයා ඊයේ සුවය ලබා පිටව ගොස් තිබේ.

    කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූයේ වූහාන් නගරයෙන්. කොරෝනා වෛරසය හේතුවෙන් අසාද්‍ය තත්වයේ සිට මෙම පුද්ගලයාගේ වයස අවුරුදු 77ක්. ඔහු අධික රුධිරපීඩනය වැනි රෝග කිහිපයකින්ම පීඩා විදින පුද්ගලයෙක් ද වූවා.

    දින 46ක් පුරාවට ඔහු ප්‍රතිකාර ලබා ගෙන ඇති අතර තම ජීවිතය බේරා ගැනීම සඳහා කළ සේවය වෙනුවෙන් වෛද්‍ය කාර්ය මණ්ඩලයට සිය කෘතඥවේදී බව ප්‍රකාශකර සිටියි. ගත වූ පැය 24 තුළ රෝගීන් 3න් දෙනෙකු පමණක් සොයා ගෙන ඇති චීනය තුළ සම්පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය සංඛ්‍යාව 77,474ක් වෙයි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 12:40

    Latest News