ගර්භනීය කාන්තාවන්ට උපදෙස්

අප්‍රේ 28, 2020

    කොවිඩ් - 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ අනූව උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (Fits), පපුව / උදර වේදනාව, දරුවා දැඟලීම අඩුවීම, ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවයක් වැනි අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

    ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යාමට උපදෙස් දෙනු ලැබේ.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 12:56

    Latest News