වූහාන් සමස්ත ජනගහනයම යළි කොවිඩ් පරීක්ෂාවකට

අගෝ 03, 2021

    වූහාන් නගරයේ සමස්ත ජනගහනය යළි කොරෝනා වෛරස පරීක්ෂාවට භාජනය කිරීමට චීනය සූදානම් වෙයි.

    ඒ් වසරකට වැඩි කාලසීමාවකට පසු නගරයෙන් නැවතත් කොරෝනා ආසාදිතයන් හමු වීමත් සමගයි.

    වූහාන් නගරයේ මිලියන 11ක පමණ ජනගහනයක් වෙසෙන අතර නගරය පුරා කඩිනම් සහ පුළුල් පරීක්ෂණ සිදු කිරීමටයි,පියවර ගෙන ඇත්තේ.

    ඉකුත් වසරේ නගරය වසා තැබීමෙන් පසු කොරෝනා ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් පැවතිණ. ඉන් වසරකට පමණ පසු යළි
    කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමගයි.

    වූහාන් නගරයෙන් ඊයේ නව ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ ඔවුන් සංක්‍රමණික සේවකයන් පිරිසක් බවයි.

    Latest News