දියතලාවේ රඳවා සිටි ශ්‍රී ලංකිකයන් 33 දෙනා තම නිවෙස් වෙත

පෙබ 14, 2020

    දියතලාව හමුදා කඳවුරේ නිරෝධායනය සඳහා රඳවා සිටි චීනයේ වුහාන් සිට පැමිණි ශ්‍රී ලංකිකයන් 33 දෙනා තම නිවෙස් කරා යෑමට අකුරේගොඩ හමුදා මූලස්ථානය වෙත පිටත්වේ.

    අප වාර්තාකරු සඳහන් කළේ යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය පෙරවරු 10.00ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් පිටත් වූ බවයි.

    ඔවුන් අකුරේගොඩ, යුධ හමුදා මූලස්ථානය වෙත පැමිණීමට නියමිත අතර එහිදී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවීමෙන් අනතුරුව සිය නිවෙස් වෙත පිටතව යනු ඇත.

    නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි මෙම ශ්‍රි ලාංකිකයින් 33 දෙනා පසුගිය පළමුවනදා දිවයිනට රැගෙන එනු ලැබිණි.

    ඉන්පසුව නිරෝධායන ක්‍රියාවලියක් සඳහා ඔවුන් දියතලාව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කෙරුණු විශේෂිත මධ්‍යස්ථානයක සියලු පහසුකම් යටතේ දින 14ක කාලයක් රඳවා තැබීමට කටයුතු කෙරිණි.

    Latest News