වූහාන් කොටසක් යළි විවෘත කෙරේ

මාර් 29, 2020

    මාස දෙකකට අධික කාලයක් වසා තැබුණු චීනයේ වූහාන් නගරය ඊයේ අර්ධ වශයෙන් යළි විවෘත කෙරිණ.

    මේ අනූව, වූහාන් නගරය වෙත පිවිසෙන්නන් සදහා පමණක් අවස්ථාව ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබේ. නමුත්, නගරයෙන් පිටතට යාමට කිසිවෙකුටත් අවසර නොලැබුණු අතර වූහාන් නගරයේ සිට යුරෝපය බලා භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද ගමන් ආරම්භ කිරීමට නියමිත බව, එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චීක - යුරෝපා ශීග්‍රගාමී දුම්රිය ගමනාන්තය වන්නේ ජර්මනියේ ඩ්‍රයිස්බර්ග් දුම්රිය ස්ථානයයි.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 13:16

    Latest News