කැබ් රියක ගැටී ‍පොලිස් සැරයන්ව‍රයෙක් ජීවිතක්ෂයට

අප්‍රේ 28, 2020

    නාරම්මල කුලියාපිටිය ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    කඩහපොල, ගල්වංගුව හංදියේ දී කුලියාපිටිය දෙස සිට නාරම්මල දෙසට ධාවනය වු යුද හමුදා කැබ් රථයක් හා ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.

    එහිදී යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් තිබේ. මෙසේ ‍මියගොස් ඇත්තේ වයස අවුරුදු 47 ක් වු බෝයගනේ, පොතුහැර ප්‍රදේශයේ පදිංචි නාරම්මල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි. නාරම්මල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 11:55

    Latest News