ලෙබනනයේ බීරුට් අගනුවර පිපිරීම සම්බන්ධයෙන් ඇති වූ විරෝධතා නිසා එරට රජය ඉල්ලා අස්වී තිබේ.

ලබන බ්‍රහස්පතින්දා (04) රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

කොරෝනා වෛරස වසංගතය නිසා අඩාල වූ ජනජීවිතය යථා තත්වයට පත් කර, ආර්ථිකය යළි පනගැන්වීම පිණිස සැලසුම් කළ උපායමාර්ග සේ සති අන්තයේ ප්‍රකාශයට පත් කරන බව රජය නිවේදනය කරයි.

රජය ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළේ, කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහායි. ඇඳිරිනීතිය පැනවීම නිසා ඇති වන දුෂ්කරතා අවබෝධයෙන් සහ වගකීමෙන් යුතුව ඉවසා සිටින්නැයි, රජය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඇඳිරි නීතිය පනවා ඇත්තේ ඉතා බරපතල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කරනු පිණිසය.

කොරෝනා වසංගතය රට තුල ව්‍යාප්ත වීම පාලනය කරන අතර, රාජ්‍ය යාන්ත්‍රණය අකර්මන්‍ය නොවී පවත්වාගෙන යාමට අනුගමනය කළයුතු උපදෙස් රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර තිබේ.

පසුගිය රජය සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

පසුගිය ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්ශක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා සමස්ත ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය පවසයි. මෙම තත්වය කෘෂිකර්මාන්තය, නිදහස් සෞඛ්‍ය සේවය,ඉදිකිරීම් කර්මාන්තය,ආහාර ද්‍රව්‍ය සැපයීම,තේ කර්මාන්තය,සහල් නිෂ්පාදනය වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් කෙරෙහි බලපා ඇති බවයි රජය ප්‍රකාශ කළේ.

2019-2020 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහනට, ආරම්භක පියවර රුපියල් මිලියන 3,830ක මුදලක් වී අලෙවි මණ්ඩලයට හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.

දිවයින පුරා ඇති බලපත්‍ර රහිත ගිනි අවි රජයට භාර දීම සඳහා දින හතක සහන කාලයක් ලබාදී ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

Latest News