නාවික හමුදාවෙන් විෂබීජහරණ කුටියක් පුත්තලම පොලීසියට

අප්‍රේ 16, 2020

    නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබාදී තිබේ.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ සෘජු අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලබන නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ වයඹ නාවික විධාන මෝටර් ප්‍රවාහන වැඩපල සහ ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නාවික පුද්ගලයින් විසින් මෙය නිෂ්පාදනය කර තිබේ.

    විශේෂයෙන් පොලිස් ස්ථානයේ සේවය ලබා ගැනීම සඳහා දෛනිකව පැමිණෙන ජනතාවගේ සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්‍ෂාව උදෙසා මෙම විෂබීජ හරණ කුටිය ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

    Latest News