පවුල් 25 ලක්ෂයකට දැනටමත් 5000 දීමනාව

අප්‍රේ 14, 2020

    රුපියල් පන් දහසේ දීමනාව, මේ වන විට අඩු ආදායම්ලාභී පවුල් විසි පන් ලක්ෂයකට ලබා දී ඇතැයි, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රතිලාභී පිරිසට සමෘද්ධිලාභීන් දහ අට ලක්ෂයම ඊට අයත්.

    සහනාධාර මුදල් ලබාදීමේ අවසන් අදියර දැන් ක්‍රියාත්මකයි. හෙට දිනයේත් මුදල් ප්‍රදානය සිදුකරන බව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. පොරොත්තු ලේඛනයේ සිටින හත් ලක්ෂයක් සඳහා ද රුපියල් පන් දහසේ දීමනාව ලබා දී අවසන්. තම රැකියා අහිමිව, ආදායම් ඇණහිට ඇති පවුල් සඳහා ද රුපියල් පන් දහසේ දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 18:38

    Latest News