නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම හේතුවෙන් ජීවනෝපාය අහිමි පුද්ගලයින්ට රුපියල් 2000ක දීමනාවක් ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු රැස්කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ.‍

දැනට ප්‍රතිලාභ ලබන සහ පොරොත්තු ලේඛණවල සිටි වැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සදහා රුපියල් 5,000 දීමනාව රජය විසින් ගෙවා අවසන් කර තිබේ.

රුපියල් පන් දහසේ දීමනාව, මේ වන විට අඩු ආදායම්ලාභී පවුල් විසි පන් ලක්ෂයකට ලබා දී ඇතැයි, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රතිලාභී පිරිසට සමෘද්ධිලාභීන් දහ අට ලක්ෂයම ඊට අයත්.

වැඩිහිටි දීමනාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයින් 137,000 ක් පොරොත්තු ලේඛනවල සිටින බව වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි.

තමන්ගේ නායකත්වයෙන් යුතු නව රජය යටතේ මෙරට පොලිස් නිලධාරීන් සඳහා රුපියල් 20,000ක ගමන් වියදම් දීමනාව සහ ආහාර දීමනාව ද ලබාදීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කලවාන නගරයේ පැවති ජන හමුවකට ඊයේ (03) එක්වෙමින්.

වතු කම්කරුවෙකුට නව අවබෝධතා ගිවිසුම අනූව දිනකට  ගෙවීමට නියමිත රු.750 වැටුපට අමතරව මෙවර අයවැය මගින් නව දිමනාවක් ලබා දීමට එකඟතාවක් ඇතිකරගත් බව,  අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා සිටියි.

Latest News