ලොකු ලූණු බීජ අවශ්‍යතාව සපුරාලීමට සමෘද්ධිලාභී පවුල් දායක කර ගැනේ

මාර් 10, 2021

    රටට අවශ්‍ය ලොකු ලූණු බීජ රට තුළින්ම නිෂ්පාදනය කර ගැන්ම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.

    යල කන්නය සඳහා මෙරටට අවශ්‍ය වෙතැයි ගනන් බලා ඇති ලොකු ලූණු බීජ අවශ්‍යතාවය කිලෝ 18000 ක් බවයි වාර්තා වෙන්නේ. මෙයින් දැනට කිලෝ 6000 ක පමන ප්‍රමානයක් මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලූණු ගොවින් සතුව තිබෙන අතර තවත් කිලෝ 12000 ක පමන හිඟයක් පවතී. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකල රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සමෘද්ධිය අධිකාරිය හා එක්ව සමෘද්ධිලාභී පවුල් ඉලක්ක කොටගෙන මෙම කටයුත්ත දඹුල්ල ,කිඹිස්සේදී ඇරඹීමට පියවර ගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී මෙම ව්‍යපෘතිය සාර්ථකව ක්‍රියාත්මක වුවද පසුගිය යහපාලන රජය සමයේ මෙම ගොවීන්ගේ බීජ නිෂ්පාදනය මිළදි නොගෙන ආනයනය කිරීමට පියවර ගැනීමත් සමග මෙම ගොවීන් තම නිෂ්පාදන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගත්තා. කෙසේ වුවත් වර්තමාන රජයේ ප්‍රතිපත්තිය කෙරේ විශ්වාසය තබමින් යලිත් ලොකු ලූණු බීජ නිෂ්පාදනයට අවතීර්ණ වී සිටිම පැසසිය යුත්තක්. සමෘද්ධි අධිකාරියේ මෙහෙය වීම මත මෙම ප්‍රදේශයේ ගොවි පවුල් 50 ක් මෙම කටයුත්තට මේ වන විට සම්බන්ධවී සිටිනවා. මෙම ව්‍යපෘතිය සාර්ථක වුවහොත් තමන් භුක්ති විදින සමෘද්ධි හිමිකම යලි රජය වෙත තමන් භාර දෙන බවද මෙම ගොවීන් සඳහන් කරනවා.

    Latest News