සමෘද්ධි හිමිකම්ලාභී හා අඩු ආදයම්ලාභී පවුල් සඳහා විදුලිය ලබා දීමට රජය විසින් දියත් කරන දැයට එළිය ව්‍යාපෘතිය මේ දිනවල දිවයින පුරා ක්‍රියාත්මකයි.

සමෘද්ධිලාභින් ණය සහ ආධාර මත පමණක් ජීවත්වන පිරිසක් බවට පත්නොකර ව්‍යවසායකයින් ලෙස ස්වයංව නැගීසිටිමේ හැකියාව ඇති පිරිසක් බවට පත්කිරීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පෙරවරුවේ දී පැවසීය.

රටට අවශ්‍ය ලොකු ලූණු බීජ රට තුළින්ම නිෂ්පාදනය කර ගැන්ම කෙරෙහි රජයේ අවධානය යොමු ව තිබේ.

සමෘද්ධි සහනාධාරය රටට බරක් වීමට ඉඩ නොතබා එය අඩු ආදායම්ලාභී ජනතාව බලගැන්වෙන වැඩසටහනක් කරන ලෙස අදාළ නිලධාරීන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා උපදෙස් ලබා දෙයි.

කොරෝනා වසංගනය හේතුවෙන්‌ අපහසුතාවයට පත්‌ ජනතාව වෙත රුපියල්‌ පන්දහස ලබාදීමේ වැඩපිළිවෙලේ සිව්වන අදියරය මේවන විට ක්‍රියාත්මකයි.

රුපියල් පන් දහසේ දීමනාව, මේ වන විට අඩු ආදායම්ලාභී පවුල් විසි පන් ලක්ෂයකට ලබා දී ඇතැයි, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රතිලාභී පිරිසට සමෘද්ධිලාභීන් දහ අට ලක්ෂයම ඊට අයත්.

ඉල්ලුම්කර ඇති සියලුම සමෘද්ධි ලාභීන්ට අත්තිකාරම් මුදලේ පළමු වාරිකය ලබන සදුදා වන විට ගෙවා අවසන් කිරීමට අපේක්ෂා කරන බව, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ බන්දුල තිලකසිරි මහතා මේ බව සඳහන් කළේය.

කොරෝනා වසංගතය නිසා උද්ගතව ඇති වාතාවරණය තුළ අපහසුතාවට පත් සමෘද්ධිලාභීන් සඳහා ලබාදෙන සහන ණය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ද කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

සමස්ත ලංකා සමෘද්ධි කළමණාකරුවන්ගේ නොවිසදුනු ගැටලු රැසකට කඩිනම් විසදුම් ලබාදිමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ඊයේ ක්‍රියා කළේය.

ඒකාධිපතීත්වයෙන් රට සංවර්ධනය කළ නොහැකි බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙරට සංවර්ධනය කිරීමට නම් කැපවීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අද (15) අරලියගහ මන්දිරයේදී පැවසීය.

Latest News