මාර්තු සහ අප්‍රේල් විදුලි බිල නව ක්‍රමයකට

අප්‍රේ 14, 2020

    මාර්තු හා අප්‍රේල් යන මාසවල විදුලි බිල්පත් ලබාදීමේදී විශේෂිත ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කර ඇති බව එහි සභාපති විජිත හේරත් මහතා පවසයි.

    ඒ අනුව , මාර්තු හා අප්‍රේල් මාස දෙකෙහිම එකතුව සටහන් කර එක් බිල්පතක් පාරිභෝගිකයාට යොමු නොකරන බවත් , එය වෙන් වෙන් වශයෙන් යොමු කරන බවත් ඔහු අවධාරණය කළේය.

    එක් බිල්පතක් යොමු කළහොත් පාරිභෝගිකයා හට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බැවින් අදාළ තීරණය ගෙන තිබේ.

    Latest News