ඇඳිරිනීතිය වෙලාවේ මත්පෙති සොරකමක් (වීඩියෝ)

අප්‍රේ 06, 2020
  • ඇඳිරිනීතය වේලාවේ බෙහෙත් ශාලාවක් කඩා මත් පෙති තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් නාවලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

    ඇදිරි නිතිය පනවා තිබු කාලයේදී ඩිස්පෙන්සරියකට ඇතුල් වු පුද්ගලයෙකු ඩිස්පෙන්සරිය තුළ තිබු මත්වෙන බෙහෙත් පෙති තොගයක් සොරා ගන්නා ආකාරය සිසිටිවි දර්ශනවල සටහන් ව තිබේ.

    නාවලපිටිය ජයසුන්දරඕවිට මාවතේ පිහිටි ඩිස්පෙන්සරියට (04) දින රාත්‍රීයේ ඇතුල් වු පුද්ගලයා එම ඩිස්පෙන්සරියේ බෙහෙත් ගබඩාව වෙත ගොස් රු එකලොස් දහසක් පමණ වටිනා මත්වෙන බෙහෙත් පෙති සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
    මත්ද්‍රව්‍යවලට ඇබ්බාහි වුවෙකු විසින් මෙම සොරකම සිදු කරන්නට ඇති බවත්, සිසිටිවි දර්ශන ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනිමට කටයුතු කර ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    Latest News