MSC නැවේ සිටි ශ්‍රී ලාංකිකයා දිවයිනට පැමිණේ (වීඩියෝ)

අප්‍රේ 06, 2020
  • ඉතාලියේ MSC මගී නෞකා කාර්ය මණ්ඩල සාමාජික අනුර බණ්ඩාර හේරත්‌ මහතා ශ්‍රී ලංකා නාවික හමුදාව භාර ගෙන කොළඹ වරායට අද රැගෙනා පැමිණියේය.

    ඔහු දින 21 ක්‌ නිරෝධායනය සඳහා බූස්ස නාවික හමුදා කඳවුරට යොමු කරන බවයි, නාවික හමුදාව සඳහන් කරන්නේ.

    MSC මැග්නෙෆිකා නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩ බැසීම සඳහා අවසර ලබාදෙන ලෙස අන්නර්ජාලය ඔස්සේ වීඩියෝවක්‌ නිකුත්‌ කරමින්‌ ශ්‍රී ලංකා රජයෙන්‌ ඉල්ලීමක්‌ කර තිබිණි. එම සුඛෝපබෝගී මගී නෞකාව ඉතාලියේ සිට ඔස්ට්‍රේලියාව බලා යාත්‍රා කළ නමුන්‌ එම නෞකාවට නැංගුරම්ලෑම සඳහා ඔස්ට්‍රේලියානු බලධාරීන්‌ අවස්ථාව ලබාදී තිබුණේ නැහැ. ඒ, කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන්‌. ඒ අනුව අදාල නෞකාව ඉතාලිය බලා යාත්‍රා කිරීම ආරම්භ කළ අතර අද දිනයේ ශ්‍රී ලංකාවට එම නෞකාව පැමිණියේ නෞකාවට අවශ්‍ය ඉන්ධන ඇතුළු අනෙකුත්‌ සැපයුම්‌ ලබාගැනීමටයි. පැය 03කට ආසන්න කාලයක්‌ එම නෞකාව අද උදෑසන කොළඹ වරාය ආසන්නයේ නැංගුරම්ලා තිබිණි.

    නෞකාවේ සිටි‌ අනුර බණ්ඩාර නම්‌ වූ ශ්‍රී ලාංකික සූපවේදියා ඉල්ලා සිටියේ තමන්ට මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි වුවහොත්‌ යළි මෙරටට පැමිණීම ඉතා දුෂ්කර වනු ඇති බවයි.

    එම ඉල්ලීම නාවික හමුදාව මාර්ගයෙන්‌ විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකාය චෙත දැනුම්‌ දීමෙන්‌ අනතුරුව MSC මැග්නෙෆිකා නෞකාවෙන්‌ අදාල ශ්‍රී ලාංකිකයා ගොඩ බැස්වීමට අවසර හිමිව තිබිණි. ඒ අනුව නාවික හමුදාව එම නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයා අද උදෑසන කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබිණි.

    Latest News