අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් ජංගම සේවා ගාල්ලටත්

මාර් 29, 2020

    ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක වුවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපොළ ඇතුළු සියළු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අඛණ්ඩව සිදු වෙයි. එළවළු, පළතුරු, පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය සඳහා අවසර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පොලීසියට උපදෙස් දෙනු ලැබීය.


    මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට විවිධ ප්‍රදේශවලින් අදත් එළවළු තොග පැමිණ තිබිණ. ඇඳිරි නීතිය පවතින ප්‍රදේශවල බෙදා හැරීම සඳහා සහ පරිභෝජනය සඳහා එළවළු අලෙවි විය.

    ජනාධිපතිතුමාගේ නියමය පරිදි ජනතාවට අපහසුවකින් තොරව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ජංගම සේවය මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කය පුරා ඉතා ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙයි. සහන මිලට එළවළු මලු ගෑස් ආදිය නිවෙස් වෙත ගෙන එන අන්දම දැක ගත හැකියි. ධීවරයින් ද ඇඳිරි නීති කාලය තුළ ලැබී ඇති අවසරය මත ධීවර කර්මාන්තයේ නිරත වෙයි.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 12:49

    Latest News