තවත් කොරෝනා ආසාදිතයෙකු සුවය ලබා රෝහලෙන් පිටව යයි

මාර් 29, 2020

    කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබේ.

    මේ වන විට මෙරටින් වාර්තා වී ඇති නව කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 115 කි.මෙරටදී කොරෝනා වැළඳුණු පළමු ආසාදිතයා ඉකුත් මාර්තු 11 වැනිදා හඳුනාගැනුණු අතර අද පෙරවරු 11.30 වන විට නව කොරෝනා ආසාදිතයන් ගණන 115ක්.

    මේ වන විට වෛරසය ආසාදිතව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති ගණන 10කි.කොරෝනා වැළඳුණු 104 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර තවත් 199 දෙනකු සැකපිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

    Last modified on ඉරිදා, 29 මාර්තු 2020 14:48

    Latest News