යාපනයට පැනවූ ඇඳිරි නිතිය දීර්ඝ කෙරේ

මාර් 26, 2020

    යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කර තිබේ.

    උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබිණ. පවතින තත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට පමණක් නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.

    සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙර දැනුම් දුන් පරිදි ක්‍රියාත්මකයි.

    Latest News