නිරෝධායන අවසන් කළ තවත් 223 ක් නිවෙස් වෙත

මාර් 26, 2020

    විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාසිටි තවත් පුද්ගලයින් 223 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර යවා තිබේ.

    ඒ දින 14ක නිරෝධායන කාලයකින් පසුවයි.

    පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 125දෙනෙකු, කන්දකාඩු මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 42 දෙනෙකු, මීයන්කුලම මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 18 දෙනෙකු සහ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 38දෙනෙකු මෙලෙස පිටත් කර හැර තිබේ.

    තවත් තුන්දහසකට ආසන්න පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානවල රැදි සිටින බව වාර්තා වේ.

    මේ අතර, රත්නපුර නගරයේ ස්වයංග නිරෝධායනයට යොමු කර සිටි පුද්ගලයන් දෙදෙනෙකු ද අද සිය නිරෝධායන කාලසීමාව අවසන් කර තිබේ. ඔවුන් ඉතාලිය සහ කොරියාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

    Latest News