ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම, අමාත්‍ය මණ්ඩලය තීරණයෙන් අවලංගුයි

පෙබ 21, 2020

    සීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරිම සඳහා ලබා දී තිබූ අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

    ඒ අනුව,සීමාසහිත ජාතික කඩදාසි සමාගම යටතේ ඇති දැනට නිෂ්පාදන කටයුතු තවතා දමා ඇති වාලච්චේන හා ඇඹිලිපිටිය කඩදාසි කම්හල්වල නිෂ්පාදන කටයුතු මේ වන විට ආරම්භ කිරිමට සියලු කටයුතු සිදු කෙරෙමින් පවති. එම කාර්යයන් සඳහා සිමාසහිත ජාතික කඩදාසි සමාගම ක්‍රියාකාරිව පැවතීම අත්‍යාවශය බැවින් එම සමාගම ඈවර කිරිමට හා එහි දැනට සේවයේ යෙදී සිටින සේවකයින්ගේ සේවය අවසන් කිරිම සහා ස්වෙච්ඡා විශ්‍රාම වන්දි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරිමට අදාළ අමාත්‍ය මණ්ඩල විසින් මිට පෙර ගෙන තිබු තීරණය අවලංගු කිරිමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත කරන ලදී.

    නිෂ්පාදන කටයුතු සිදු නොකර වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වශයෙන් හඳුනාගෙන ඇති අතර දැනට නිෂ්පාදන කටයුතු සිදුනොකරන, ප්‍රතිව්‍යුහගතකරණය සඳහා විභවතාවයක් සහිත සියලුම රාජ්‍ය ආයතන නරවත ආරම්භ කිරිමට කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    කර්මාන්ත හා සැපයුම් කළමණාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහත විසින් මෙම යෝජනාව අමත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇත.

    news.lk

    Latest News