පාසල ගමන නිමවුනත් ලැබෙන්න යන වාසියක්

සැප් 05, 2023

    අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග අවසන්කරන සිසුන් වෙනත් අධ්‍යාපන කටයුත්තක නිරත වීමට පෙර පාසල් පද්ධතිය ‍තුළ රඳවා ගෙන වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම සඳහා වන යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    එය, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ යෝජනාවක්.

    සාමාන්‍ය පෙළ විභාගය අවසන් කරන සිසුන්, උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ වන තෙක් සහ උසස් පෙළ විභාගය අවසන් කරන සිසුන් වෘත්තීය අධ්‍යාපනයට යොමු වන තෙක්, මූලික ක්‍ෂේත්‍ර 5 ක් ආවරණය වන පරිදි සැකසුණු විෂය මාලාවක් අධ්‍යයනයට යොමු කිරීම මින් අපේක්‍ෂිතයි. තොරතුරු තාක්‍ෂණ හා ඉංග්‍රීසි භාෂා දැනුම මෙන්ම, මෘදු කුසලතා වර්ධනය මෙහි තවත් අරමුණක්. මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස දිවයිනේ සෑම අධ්‍යාපන කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි තෝරාගත් පාසල් 320 ක ක්‍රියාත්මක කිරීමටත්, එහි ප්‍රතිඵල අනුව ලබන වසරේ සිට එය ජාතික වැසටහනක් ලෙස ක්‍රියාවට නැංවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    Latest News