රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා අද දිවයිනට

පෙබ 03, 2020

    රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් මහතා පස්දින සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණියේය. කටුනායක ගුවන් තොටුපොළේ දී ඒ මහතා පිළිගනු ලැබුවේ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විසින්.

    යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනූව සල්යුකොච් මහතා දිවයිනට පැමිණියේය. ඔහු සමග තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටියි. සංචාරය අතරතුර අද දින ඒ මහතා යුද හමුදාපතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා හමුවීමට නියමිතයි. බත්තරමුල්ල යුද හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා සල්යුකොච් මහතා අද දින සහභාගී වනු ඇති. හෙට දිනයේ පැවැත්වෙන් නිදහස් දින උත්සවයෙහි විශේෂ අමුත්තෙක් ලෙස ද ඒ මහතා සහභාගී වෙයි.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 11:24

    Latest News