කොළඹ අවට පාරවල් කිහිපයක් වැසේ

පෙබ 03, 2020

    72 වැනි ජාතික නිදහස් දිනය අභිමානවත් හා චාම් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

    එහි පෙරහුරු අදත් නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වේ. ඒ වෙනුවෙන් අද පස්වරු 12.00 දක්වා මාර්ග කිහිපයක් වසා තැබෙන බවයි, පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ. ඒ අනූව, නිදහස් මාවත, විද්‍යා මාවත, මෙට්ලන් ප්ලේස්, මෙට්ලන් ක්‍රසන්ට්, සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මාවත,මාර්කස් ප්‍රනාන්දු මාවත, පදනම් පාර සහ විජේරාම පාර හෝර්ටන් වටරවුම දක්වා මාර්ග වසා තැබෙනු ඇති.

    මෙම මාර්ග සහ ස්ථානවලින් වාහන ගමනාගමනය සීමා කෙරෙයි. ඒ සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යවත් රටක් යන්න මෙවර නිදහස් දිනයේ තේමාවයි.

    Last modified on සදුදා, 03 පෙබරවාරි 2020 08:00

    Latest News