මොරගහකන්ද ජල කාන්දුව සම්පූර්ණයෙන් අවසන්

ජන 14, 2020

    මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ පසුගියදා ඇතිවූ ජල කාන්දුව සම්පූර්ණයෙන්ම අද (14) දින වනවිට අවසන් කළ බව ජලාශ එහි සවිකොට තිබූ ආරක්ෂිත යකඩ වැට ඉවත් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. 

    පසුගියදා පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ මොරගහකන්ද ජලාශ උපරිම ජල සීමාව ලැබීමත් එක්ක ප්‍රධාන වේල්ලේ ඉහළින් විනාඩියකට ලීටර් 200ක් පමණ ජල කාන්දුවක් සිදුවිය.

    පසුව ඒ පිළිබඳව මහවැලි බලධාරීන්ගේ සහ රජයේ අවධානය යොමුවී තිබිණි. ඒ අනූව ජලාශ ව්‍යාපෘති කළමනාකරු ඉංජිනේරු ඩී. බී. විජයරත්න මහතා කියා සිටියේ දින 10ක් තුළ චීන කොන්ත්‍රාත් සමාගම හරහා සම්පුර්ණයෙන්ම කොන්ක්‍රිට් වලින් මෙම ජල කාන්දුව වසා දැමීමට හැකියාව පවතින බවයි.

    මෙ වන විටත් මොරගහකන්ද ජලාශෙය් උපරිම ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර් 185 සම්පූරයෙන්ම පුරවා තිබෙන ආකාරය දැකගත හැකියි.

    moragahakanda 02

    moragahakanda 03

    moragahakanda 01

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 15:05

    Latest News