පෞද්ගලික අවශ්‍යතාවට කඩිනම් කළ මොරගහේ කාන්දුවට කඩිනම් අවධානය අවශ්‍ය - නාමල්

ජන 02, 2020

    මොරගහකන්ද ජලාශයේ ප්‍රධාන වේල්ලේ ඇති ජල කාන්දුව විශේෂ අවධානය යොමුකර විදේශීය විශේෂඥ කණ්ඩායමක් මගින් පරීක්ෂා කර වාර්තාවක් කැඳවිය යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (02) දඹුල්ලේදී දින පැවසීය.

    දඹුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කලේය.

    moragahakandana px 900 20 0

    මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් පිළිබඳව අතීතයේ සිටම විවිධ ප්‍රශ්න සහ ගැටළු සහගත ස්ථාන පැවති බව නාමල් කරුණාරත්න මහතා මෙහිදී කියා සිටියේය. ජලාශයේ විශාල ජල ප්‍රමාණයක් ඇති බවත් එය පරාක්‍රම සමුද්‍රය මෙන් පස්ගුණයක් පිරී තිබෙන බවද සඳහන් කළේය. ජල කාන්දුව සිරස් අතට පැවතීම ඉතාමත්ම අනතුරුදායක තත්ත්වයක් බවද ඇතැම් විට මෙම පැල්ම මහ පොළොවේ සිට පවතිනවා දැයි සැකයක් පවතින බව ද හෙතෙම කියා සිටියේය.

    මොරගහකන්ද ජලාශය ඉදිකිරීම් ආරම්භයේ භූ විද්‍යාඥයින් සහ විශේෂඥයින් පොළවේ හුණුගල්ස්තරයක් ඇති බව ප්‍රකාශ කර තිබුණ ද යම් අයගේ පෞද්ගලික අවශ්‍යතාවයන් මත ඉදිකිරීම් කඩිනම් කළ බව නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේය.

    මෙම සිද්ධිය සුළුකොට නොතකා වහාම කෙටි හා දීර්ඝ කාලීන සැලසුම් යෙදවීම ආණ්ඩුවේ වගකීමක් යැයි ද නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා හදිස්සියෙන් මෙම ජලාශය වැඩ නිම කරවා ඔහු විශ්‍රාම යෑමට පෙර විවෘත කිරීමේ හදිස්සියක් පැවති බව ඔහු පෙන්වා දුනී.

    රැදවුම් මුදල් තිබෙණ බවට ව්‍යාපෘති කළමනාකාරු කීවත් හානියක් වූ විට පලක් නොවන බව නාමල් කරුනාරත්න මහතා පැවසිය. මෙම සිද්ධිය වාර්තාවීමත් සමග ජලාශය පහළ දිස්ත්‍රික්ක ගණනාවක පදිංචි ජනතාව දැඩි බියකට පත්ව සිටින බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.

     

     

    Latest News